ශ්‍රී සුමන විද්‍යාලය රජයේ විද්‍යාලයක් බවට පත්වීම.
1961 දුරුතු මස තුන්වන දිනයේ දී ශ්‍රි සුමන විද්‍යාලය රජයට පවරාගත් අතර රජයේ විද්‍යාලයක් බවට පරිවර්තනය විය.
ඩන්කන්වයිට් මහතාගේ ප්‍රධානත්වයෙන් වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වීම
1962 මැදින් මස නවවන දින ප්‍රථම වරට ඩන්කන්වයිට් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වාර්ෂික උලෙළ පැවැත්වීය.
නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම
විද්‍යාලයේ දියුණු වීමත් සමගම ඉගෙනගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවිය.එමනිසා 1962 මැදින් මස 13 වන දින තව ගොඩනැගිල්ල විවෘත කළේය.
ශංකර්ගේ චිත්‍ර ප්‍රදර්ශනයේ ගෞරව පන්තියේ ත්‍යාගයක් දිනා ගැනීම.
1964 දී ශ්‍රී සුමන මහා විද්‍යලය ශංකර් චිත්‍ර ප්‍රදර්ශනයෙන් ප්‍රථම වරට ගෞරව පන්තියේ ත්‍යාගයක් දිනා ගැනීමට සමර්ථ විය.
සුමන ශාස්ත්‍රීය සංග්‍රහයක් පල කිරීම
1964 වර්ෂයේදීම ප්‍රථම වරට අප විද්‍යායෙන් සුමන ශාස්ත්‍රීය සංග්‍රහය සගරාවක් එළි දක්වන ලදි.එය ශ්‍රී සුමන මහා විද්‍යාලය ලද විශාල භාග්‍යක පෙරනිමිත්තකි.
සරසවි සාහිත්‍ය සංගමයේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීම.
1966 නිකිනි මස 10 වන දින සරසවි සහිත්‍ය සංගමයේ ප්‍රදර්ශනයක් පැවැත්වීය.එය ශ්‍රී සුමන මහා විද්‍යාලය මගින් පැවැත් වූ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනයයි.
ශ්‍රී සුමන කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කිරීම.
1967 ක් වූ බක් මස 28 වන දින ශ්‍රී සුමන කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කළේය.
සමස්තලංකා ගොවි නැටුම් තරගයෙන් පළාතේ ප්‍රථමස්ථනය ලබා ගැනීම
1967 වර්ෂයේ දීම සමස්ත ලංකා ගොවි නැටුම් තරගයක් පැවැත් වීය.එම ගොවි නැටුම් තරගයෙන් පළතේ ප්‍රථම ස්ථනය ලබා ගැනීමට ශ්‍රී සුමන විද්‍යාලයට හැකි විය.
සුමන ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවන කලාපය පල කිරිම.
1964 දී එළිදැක් වූ සුමන ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවන කලපය 1968 දී පල කළේය.
මාර්ටින් වික්‍රමසිංහ සමරු උළෙල පැවැත්වීම.
1970 ඇසළ මස 01 වන දින මාර්ටින් වික්‍රමසිංහ සමරු උළෙල ශ්‍රී සුමන විද්‍යාලයේ පැවැත්වීය.
සෞන්දර්ය හා ප්‍රාග් වෘත්තිය ප්‍රදර්ශන අංශයක් ඇරඹිම.
ශ්‍රී සුමන මහ විද්‍යලය මගින් 1972 ඇසළ මස 03 වන දින
සෞන්දර්ය හා ප්‍රාග් වෘත්තීය ප්‍රදර්ශන අංශයක් ආරම්භ කරන ලදි.
විද්‍යාලය විසින් වගා කළ කුඹුරෙන් බුසල් 46 ක අස්වැන්නක් ලැබීම.
අප විද්‍යලය විසින් කුඹුරක් වගා කරන ලදී.එම කුඹුරෙන් 1974 නවම් මස 23 වන දින බුසල් 46 ක විශාල අස්වැන්නක් ලබා ගැනිමට සමත් විය.
මැණික් කැපීමේ පාඨමාලවක් ආරම්භ කිරීම.
1975 ඇසළ මස 23 වන දින ශ්‍රී සුමන මහා විද්‍යලය මගින් ප්‍රථම වරට මැණික් කැපීමේ පාඨමාලාවක් ආරම්භ කරන ලදි.
අන්තර් ප්‍රාදේශීය නාට්‍ය තරගයට සහභාගී වීම.
සපරගමු පලාත විසින් අන්තර් ප්‍රාදේශීය නාට්‍ය තරගයක් පවත්වන්නට යෙදුණි.එයට ශ්‍රි සුමන මහා විද්‍යාලයද 1976 දී සහභාගී විය.
‘‘අංගුලිමාල’’නට්‍ය සමස්ත ලංකා නට්‍ය තරගයට ඉදිරිපත් විය.
1977 දී පැවැත් වූ සමස්ත ලංකා නාට්‍ය තරගයට අප විද්‍යාලයද සහභාගී විය.
දෙමළ අංශය.
එස්. බාලසුබ්‍රමනියම් මැතිතුමා දෙමල අංශය භාර සිටියේය.
විද්‍යාගාරය විවෘත කිරීම.
1978 උදුවප් මස13 වන දින විද්‍යාගාරය විවෘත කළේය.එයින් පසු විද්‍යා උසස් පෙල පන්තිද ආරම්භය සිදු විය.
සමස්ත ලංකා පාපන්දු හා එල්ලෙ තරග වලට
සහභාගී විය.
1986 දී සමස්ත ලංකා පාපන්දු හා එල්ලෙ තරග වලටද අප විද්‍යාලයද සහභාගී විය.
සමස්ත ලංකා පාපන්දු හා එල්ලෙ තරග වලට සහභාගී වීම.
1987 දී සමස්ත ලංකා පාපන්දු හා එල්ලේ තරගවලටද අප විද්‍යාලයද සහභාගී විය.
ශිෂ්‍ය විරෝධතා ආරම්භවීම
1968 රට පුරා ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර ආරම්භ විය.ශ්‍රී සුමන මහා විද්‍යාලයේ ද 1988 බිනර මස 20 වන දින එම ශිෂ්‍ය විරොධතාවලට සහභාගී විය.
සමස්තලංකා පාපන්දු තරගයට සහභාගී වීම.
1990 දී සමස්ත ලංකා පාපන්දු තරගයට අප විද්‍යාලය සහභාගී විය.
පාඨශාලාන්තර ගායනා තරගයෙන් පළාතේ ප්‍රථමස්තානය දිනා ගැනීම.
1990 දී පාඨශාන්තර ගායනා තරගයෙන් පළාතේ ප්‍රථම ස්ථානය දින ගැනීමට ශ්‍රී සුමන විද්‍යාලයට හැකියව ලැබුණා.
සෞන්දර්ය ඒකකය සදහා සර්පිනවක් පරිත්‍යාග කිරීම.
රත්නපුර පතායා සංචාරක හෝටලයේ කළමණාකාර ජෝන්ස් ස්ටීවන් මහතා විසින් සෞන්දර්ය ඒකකයට සර්පිනවක් පරිත්‍යාග කිරීම. 1990.09.11 වන දිනදී සිදු විය.
විශ්‍රාම යෑම
1991 දුරුතු මස 01 වන දින විද්‍යාලයේ සේවය කළ එච්.ඒ.සී විජේසිංහ,ඩී අමරදාස,ආර් දයාවයතී,ජේ.ඇම් බුලත්ගම, ජී.ජී පත්මසිරි,කේ.ඒ.පී ඕවිටආරච්චි,ජී අතුල කුමාරගම, ඩී.ඒ.ජේ මාරපන,එම් කොඩිතුවක්කු, බී.ර් දයාවතී යන ගුරු මහත්ම මහත්මීන් සමග විදුහල්පති බී.ඒ මූණමල්පේ මහතා විශ්‍රාම ගිය අතර මේ වෙනුවෙන් සමු ගැනීමේ උත්සවයක් ද පවත්වනලදි.
නව විදුහල්පතිවරයෙකු පත් වීම.
1991 දුරුතු මස 02 වන දින සිට එච්.ජී ඇස් විජයවර්ධන මහතා නව විදුහල්පති හැටියට පත් වීය.
එච්.ඒ.ආර්.ඩී හේමරත්න මහතගේ අභාවය.
අප ආචාර්ය ඩග්ලස් හේමරත්න මහතා 1991.11.03 වන දින සිදු වූ හදිසි අනතුරකින් මිය ගියේය.
පුස්ථකාල මාසය සහ නව කියවීම් ශාලාවක්
රත්නපුර නගරාධිපති තුමා ඇතුලු දෙමාපියන් කිහිප දෙනෙකුගේ ආධාරයෙන් ගොඩනගන ලද කියවීම් ශාලාව 1992 නවම් මස 03 වන දින විවෘත විය. 1992 .02.03 සිට 29 දක්වා විද්‍යාලයීය පුස්තකාල මාසය ලෙස නම් කරන ලද අතර ළමුන් තුල ඵලදායී පුස්තකාල පරිහරණය ප්‍රගුන කිරීම සදහා වැඩසටහන් කිහිපයක්ම ක්‍රියත්මක විය.පුස්තකාල සමප්ති උලෙළක් අප විද්‍යාලයේ පවත් වන ලදි. එහිදී තරග වලින් ජය ලැබූ ජයක්ග්‍රාහක ජයක්ග්‍රාහිකවන්ට හිටපු විදුහල් පති වරුන් වන එල්.ඩී වනිසූරිය,එ.ඒ.එම් හේමපාල ,බී.ඒ මූණමල්පේ යන මැතිතුමන්ලා අතින් ප්‍රධානය කෙරුණි.එහි දී එම මහත්වරු විසින් පෙර අපේ පාසල තිබූ අයුරුද පැහැදිලි කළේය.
නිවාසන්තර ක්‍රීඩා උළෙල
ශ්‍රීමා විජේරත්න මහත්මියගේ ප්‍රධනත් වයෙන් 1992 නවම් මස 25 වන දින අති උත්කර්ශවත් අන්දමින් ශ්‍රී සුමන මහා විද්‍යාලීය නිවාසන්තර ක්‍රීඩා උළෙල පැවැත් විය.
විවාද තරගයෙන් අනුශූරතාව ලැබීම.
1992 දී රත්නපුර මහ නගර සභාව මගින් සංවිධානය කළ පුස්තකාල සතිය වෙනුවෙන් පැවැත් වූ පාඨශාලන්තර විවාද තරගයෙන් අනුශූරතාව දින ගැනීමට 1992.10.18
වැනිදා සමත් විය.
පාපන්දු අනුශූරතාවය
1992.10.29 වෙනි දින පවතවන ලද ර/ශාන්ත ඇලෝසියස් මහ විද්‍යාලීය පාපන්දු ශූරතවලියේ අනුශූරතාවලිය දිනා ගැනීමට ශ්‍රී සුමන විද්‍යාලයේ 17 න් පහල පාපන්දු කණ්ඩායමට හැකි විය.
ඩග්ලස් හේමරත්න ගුරු පියනන්ගේ පලමු වන ගුන සැමරුම.
1991.11.03 වන දින අප අතරින් වියෝවී වසරක් නිමිත්තෙන් ඩග්ලස් හේමරත්න පින් පැමිණවීම පිණිස ගුණ සමරු උලෙළ විසින් 1992.11.04 වන දින පවත්වන ලදී.මෙය සංවිධානය කරන ලද්දේ සිංහල සහිත්‍ය සංගමය විසිනි. එහි දී ධර්ම දේශනාවක් පවත්වා ඩග්ලස් ගුරුමහතා සිහිවීම පිණිස පාසල් පුස්තකාලයට පොත් කිහිපයක්ද පාසලේ ක්‍රීඩා අංශයට පලිහකද සාහිත්‍ය සංගමය විසින් පරිත්‍යාග කරනලදි.
1992 5 වසර ශිෂත්ව ප්‍රතිඵල
1992 වසරේ පවත්වන ලද 5 වසර ශිෂත්ව විභහගයෙන් ශිෂ්‍ය ශිෂ්‍යයාවන් තිදෙනෙක් ඉතා ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා සමත් විය.
1993 පුස්තකාල මාසය
1993 මර්තුමස පුස්තකාල මාසය නමින් නම් කර ඒ වෙනුවෙන් තරග කිහිපයක් පවත්වා ජයක්ග්‍රහක ජයක්ග්‍රාහිකවන්ට ත්‍යාග ප්‍රධානය කරන ලදි.
1993.11.03 දින ඩග්ලස් හේමරත්න අනුස්මරනය
1993.11.03 වන දින ඩග්ලස් හේමරත්න අනුස්මරනය වෙනුවෙන් මහා සංඝරත්න විෂයෙහි දානයක් පිරිනමා විෂේශ දේශනයක් පවත්වා පුස්තකාලයට පොත් කිහිපයක්ද පර්ත්‍යග කරන ලදි.එය සංවිධානය කරන ලද්දේ සිරි සුමන සහිත්‍ය සංගමය විසිනි.
1993.11.12 වන දින විවාද තරගයකින් ජයග්‍රහනය කිරීම
රත්නපුර නගර සභාහව විසින් සංවිධනය කරනලද රත්නපුර පාඨශාලනතර විවාද තරග මාලාවේ අවසාන තරගයෙන් රත්නපුර ශන්ත ඇලෝසියස් විද්‍යාලය පරදවා ශ්‍රී සුමන විවද කණ්ඩයම ශූරතාව අත්කර ගන්නලදි.
නිවාසන්තර මලළ ක්‍රීඩා උලෙළ 1994.02.02
නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල 1994.නවම් මස 2 වන දින නීතීඟ ගරු අතුල ආටිගල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී අති උත්කර්ශවත් ලෙස පවත්වන ලදි.
1993 අගෝස්තුමස අ.පො.ස උසස්පෙල (කලා) විභාගයෙන් තිදෙනෙක් සමත් වූහ.
පුස්තකාල මාසය
1994.02.21 සිට මාර්තු 21 දක්වා පුස්තකාල මාසය වෙනුවෙන් වෙන්කර තරග මාලවක් පවත්වා සහතික ප්‍රදානය කරන ලදි.සහතික පිරිනමන දින උත්සවයේදී 9 වසර A සිසුවියන් විසින් පුස්තකාලයට පොතක් පිරිනමන ලදි.
නව ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම.
1994 ජූනි මස 02 වන දින විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් තැනීම සදහා ප්‍රාදේශිය සභා මන්ත්‍රී ගරු ඒ.වී දසනායක මැතිතුමා විසින් මුල්ගල තබනු ලැබේ.
වර්ෂ 1994 20 වැනිජතික ක්‍රීඩා උලෙළේ ඉන්දික චමින්ද විතානගේ ක්‍රීඩා උපදේශක. සබරගමු පලාතෙන් දුර පැනිමේ ඉසවුව නියෝජනය කරන ලදි.එහිදී එම ඉසවුවෙන් මීටර් 7.71 දුරක් පනිමින් සබරගනමු පලාතේ දක්ෂතම ක්‍රීඩකයාත් ශ්‍රී ලංකවේ නව වාර්තවක් තැබීමට සමත් විය.
1995 වර්ෂයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උලෙළ
1995 පෙබරවාරි 18 දින පර්ලිමේන්තු මන්තී නාලන්ද එල්ලවල මැතිතුමා ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ක්‍රීඩ පිටියේ දී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදි.
1996 නිවාසන්තර නිවාසන්තර මලල ක්‍රීඩ උලෙළ පැවැත් වීම
1996 පෙබරවාරි 13 වන දින නිවාසාන්තර මලල ක්‍රීඩා උලෙළ උත්සවය පවත්වන ලදි.
1996 ලෝක පරිසර දිනය නිමිත්තෙන් පාසල තුල පරිසර ව්‍යාතියක් පැවැත්වීම
1996.05.05 වන දින ලෝක පරිසර දිනය නිමිත්තෙන් පාසල් සිසුන් පරිසර දසපනත කඩ නොකරන බවට ප්‍රතිඥා දීම හා විදුහල්පතිතුමාගේ නියෝගය පරිදි පොලිතීන් පිටු දැකිමේ නීතිය පනවන ලදි. එදිනම ශ්‍රී සුමන මහා විද්‍යාලයේ පරිසර හුරු කිරීමේ සමිතිය මගින් මහෝනී,පිහිඹියා පැළය බැගින් රෝපනය කලහ.බලංගොඩ ලංකානන්ද හිමිපානන් වහන්සේ පරිසර සුරැකීම පිළිබද හරවත් දේශනයක් පැවැත් වූ සේක.
1997 නිවාසාන්තර මලල ක්‍රීඩා උලෙළ පැවැත්වීම
- 03.07 වන දින ශ්‍රී සුමන මහා විද්‍යාලයේ ප්‍රථම වරට කාන්තා මාර්ග ධාවන තරගයක් පැවැත්විනි.
- 03.13 දින අප විදුහලේ මළෙල ක්‍රීඩ උත්සවය පැවැත් වූ අතර එදින ප්‍රථම වරට පිරිමි තූරය වාදන කණ්ඩායමක් ඉදිරිපත් ක්ළේය.පලාත් පාලන අධ්‍යක්ෂක් ප්‍රේමලාල් මැත්තුමා ආරධිත අමුත්ත වශයෙන් සහභාගී වුණු අතර අවට පාසල් වල විදුහල්පති වරු විශාල පිරිසක් සහ භාගී විය.
නව සාහිත්‍ය සංගමයක් පිහිටුවීම.
1997.04.08 දින 1997 වර්ෂය සදහා නව සාහිත්‍ය සංගමයක් පිහිට වූ අතර එම දිනයේදීම නව සාහිත්‍ය සංගමයේ ප්‍රථම සභාවාරය පැවැත්විනි.
ලෝක පරිසර දිනය සැමරීම
1997.05.07 දින ලෝක පරිසර දිනය නිමිතිකොට ගෙන විද්‍යාලයේ සිසුන් විශාල ශ්‍රමදාන ව්‍යාපාරයක් දියත් කලේය.පසල තුල වූ කැඩී බිදී ගිය ඩෙස් පුටු අලුත්වැඩියා කොට පිලිසකර කිරීම පාසල් වත්ත හ පසලට එන මාර්ගය පිරිසිදු කිරීමද එදින සිදුවිය.
වෙසක් පුන් පොහොය දා...
1997 .09.90 වන දින වෙසක් උත්සවය නිමිති කොට ගෙන පාසල තුල ධර්ම දේශනාවක් පැවැත් විය.රත්‍රීයෙහි පහන් දැල්වීම වෙසක් කූඩු දැල් වීම හා තොරන ප්‍රදර්ශනය සිදු විය.
විද්‍යාලයේ භාණ්ඩ වෙළද පොලක් පැවැත් වීම.
1997.09.09 වන දින ශ්‍රී සුමන පුස්තලකාලයට ආධාර පිනිස සින්හල සහිත්‍ය සංගමය මගින් පාසල තුලට භාණ්ඩ වෙළද පොලක් පැවැත්වීම.
පුස්තකාලයට පොත් ලබා ගැනීම
1997.09.26 වන දින විද්‍යාලයේ සින්හල සහිත්‍ය සංගමයේ මෙහෙය විමෙන් ශ්‍රී සුමන පුස්තකාලය ට අවශ්‍ය පොත් කිහිපයක් ප්‍රරිත්‍යාග කිරීම සිදු විය
ත්‍රෛමසික සිංහල සාහිත්‍ය සගරාවක්දොරට වඩී
ර/ශ්‍රි සුමන් සින්හල සහිත්‍ය සංගමය මගින් විද්‍යලයේ සිසුන්ගේ දක්ෂතා හෙලි කරමින් ත්‍රෛමසික සිංහල සගරාවක් 1997 සැප්තැම්බර් මස විද්‍යාලීය සිසු දරුවන්ගේ දක්ෂතා පිලිඹිබු කරනමින් නිර්මාණයවී තිබුනි.
|
ආරම්භ කළ වර්ෂය |
1935.01.01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
18 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
476 |
|
මුල් ගුරුතුමාගේ නම |
හේන්පිටගෙදර ඤාණසීහ හිමි |
|
පාසලේ ආදි කතෘගේ නම |
හේන්පිටගෙදර ඤාණසීහ හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/ශ්‍රී සුමන පිරිවෙන |
|
පාසල රජයට පවරාගත් දිනය |
1961.01.03 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
සබරගමුව පළතේ රත්නපුර නගරයේ මුද්දුව ග්‍රාමයේ |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1965 |