පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්
- 1-9 ශ්‍රේණි ළමුන් සදහා සුදු කොට කලිසමද,අත් කොට කලිසමද 10-13 ශ්‍රේණි සදහා සුදු දිග කලිසමද,අත්කොට කමිසයද ඇදිය යුතුය.
- කමිසයේ පිටුපස යෝර්ක් හෝ ඔපනැලි රහිත විය යුතුය.
- කමිසයේ පළමු බොත්තම හැර සියලුම බොත්තම් පියවා නියමිත පරිදි කලිසමට යට කල යුතුය.
- කලිසම නියමිත ප්‍රමාණයට වඩා තදව හෝ ලිහිල්ව නොඇදිය යුතු අතර විලාසිතාවලින් තොර විය යුතුය.
- කලිසම නියමිත ප්‍රමාණයට උස්විය යුතු අතර විලාසිතාවලින් තොර විය යුතුය.
- විවිධ වූ විලාසිතාවන්ගෙන් තොරව කොණ්ඩය කොටට කපා තිබිය යුතු අතර පැත්තට බෙදා හිස පිරිය යුතුය.
- ජෙල් සහ ක්‍රීම් වර්ග භාවිතා නොකළ යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
ගැහැණු ළමුන්
- ගවුමෙහි උස දණහිසට වඩා අගලක් අවමය පහළින් පිහිටිය යුතුය.
- ගවුමේ ඉණ නියමිත ආකාරයට තිබිය යුතුය.
- බද පටිය ගවුමේ ඉණ ප්‍රමාණයට තිබිය යුතු අතර අනවශ්‍ය ලෙස ලිහිල් හා තද නොවිය යුතුය.
- ගවුමෙ ඉදිරිපස විවරය උපරිම 10cm(අගල්1) විය යුතුය.
- බද පටිය සවි කිරිම සදහා විවිධ වූ කටුවර්ග භාවිතා නොකළ යුතුය.
- ගවුමේ ඉදිරිපස හා පිටුපස රැලි 5 බැගින් විය යුතුය.
- මැද රැල්ලේ පළල අගල් 4ක් විය යුතුය.
- දිග කොණ්ඩය කරල් දෙකක් ලෙස තදින් ගොතා අග නවා කලු රිබන් වලින් ගැට ගැසිය යුතුය.
- උරහිස දක්වා දිග කොණ්ඩය ''පෝනි ටේල්'' 2ක් ලෙස ගැට ගැසිය යුතුය.
- විද්‍යාලයීය ටයි පටිය හා නිල ලාංඡන පැළදිය යුතුය.