- පෙ.ව.7.00 පෙර අනිවාර්යයෙන් පැමිණිය යුතුයි.
- පළමු සීනුව නාදයට තම කටයුතු අවසන් කර ආගමික වතාවත් ඉටු කිරීම සදහා නියමිත ස්ථානය වෙත යා යුතුයි.
- දෙවන සීනුවට ආගමික කටයුතු ආරම්භ කළ යුතුයි.
- තෙවන සීනුවට ආගමික කටයුතු ආරම්භ කළ යුතුයි.
- ආගමික කටයුතු අවසානයේ ශරීර සුවතා වැඩ සටහන් සදහා සහභාගී විය යුතුයි.
- උදෑසන රැස්වීම අගහරුවාදා දිනත් ප්‍රාථමික අංශයේ රැස්වීම සිකුරාදා දිනත් ආගමික වතාවත් වලින් පසු ආරම්භ වේ.ඊට තම සහභාගීත්වය ලබා දිය යුතුයි.
- විවේක කාලය ආරම්භ වීමෙන් පසුවද විනය ගරුකව හැසිරිය යුතුයි.
- විවේක කාලය අවසන් වීමේ සීනු නාදයත් සමග තම පන්තියට යා යුතුයි.
- පාසල් කටයුතු අවසන් වීමට පෙර සීනුව නාද වන විට සියළුම දරුවන් පන්ති වලට යා යුතුයි.
- ඊළග සීනුව ආගමික කටයුතු සදහාය.සියලු දෙනා සහභාගී විය යුතුයි.
- අවසාන සීනුවට දෙදෙනා බැගින් පේළියට එක්වී ගේට්ටුව අසළින් පිටව යා යුතුයි.